චීනය චිරන්තන සන්නාම ලැයිස්තුවට නව සන්නාම 382ක් එක් කරයි.ඒ අනුව එම ලැයිස්තුවේ සමස්ත සන්නාම සංඛ්‍යාව 1445ක් දක්වා වර්ධනය වී ඇතැයි චීන වාණිජ අමාත්‍යංශය කියයි.පරම්පරා ගණනක් විශ්වාසය දිනාගත් සන්නාම එම ලැයිස්තුවට ඇතුළත් වෙයි. පැරණි ව්‍යාපාර නාම සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට එම අමාත්‍යංශය බහුවිධ පියවර ගෙන තිබේ.ආවේණික හළ මට්ටමේ සන්නාම පරිභෝජනය ප්‍රවර්ධනයට ඉන් ක්‍රියා කෙරෙන බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයා සඳහන් කළේය.
පරිභෝජන අවස්ථා නිර්මාණය කිරීම සඳහා අන්තර් ජාල හා අන්තර් ජාල නොවන ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීමට ද පියවර ගැනේ.වෙළඳ නාමවල සංස්කෘතික උරුමයන් ගැඹුරින් අවබෝධ කර ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසීම සහ ඔවුන් අතර වඩාත් ජනප්‍රිය විශේෂ වෙළඳ භාණ්ඩ නිර්මාණය කිරීමට පියවර ගනු ඇති බවද අමාත්‍යංශ ප්‍රකාශකයා කීය.විශාල දත්ත උපයෝගී කර ගනිමින් සන්නාමයන්හී මෙහෙයුම් ක්‍රියාවලිය නිරීක්ෂණය කෙරෙන අතර චිරන්තන සන්නාම හා සාම්ප්‍රාදායික චීන සංස්කෘතියේ අත්දැකීම එකම අවස්ථාවේ ලැබීමට ඉන් ඉඩ සැලසෙන බවද හෙතෙම කියා සිටී.2023 වසරේ ක්‍රියාත්මක කෙරුණු වැඩසටහනක් මගින් නව සන්නාම 382 හඳුනා ගෙන තිබේ.මීට පෙර එවැනි වැඩසටහන් 2006 වසරේ දී හා 2011 වසරේදී ක්‍රියාත්මක විය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
චීනයේ කම්කරු දින නිවාඩු සමයේ දුම්රිය මගී වාර සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක්