චීනයේ නිෂ්පාදිත ‘Adora Magic City’ නමැති විශාල පරිමාණ ප්‍රථම කෲස් නෞකාවේ පළමුවැනි වාණිජ මෙහෙයුම සාර්ථකව අවසන් වෙයි.
එම නෞකාව අද (7) Shanghai හි පිහිටි Wusongkou ජාත්‍යන්තර කෲස් නෞකා වරායට අවතීර්ණ විය. 3000 කට වැඩි සංචාරකයන් පිරිසක් චීනයට ළඟාවීමත් සමග, නාවික සැතපුම් 1119 කින් යුත් එම ප්‍රථම චාරිකාව නිමාවට පත් විය.
එම චාරිකාව ආරම්භ කෙරුණේ ඉකුත් ජනවාරි පළමුවැනිදා යි. එය ෂැංහයි නගරයේ සිට දකුණු කොරියාවේ ජෙජු සහ ජපානයේ නාගසාකි සහ ෆුකුඕකා වෙත ගමන් කර දින හතකින් පසු යළි ආපසු පැමිණ ඇත.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය