මේ වසරේ මුල් භාගයේ චීනයේ ධනාත්මක ආර්ථික ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ නවතම දත්ත සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද (16)පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය. අස්ථාවරත්වයන් හා අවිනිශ්චිතතා සාධකයන් වර්ධනය වීමේ ගෝලීය ආර්ථීක ප්‍රවණතා මධ්‍යයේ එම පීඩාවට ඔරොත්තු දීමේදී චීන ආර්ථිකය “ ස්ථායීකාරකයක් ”හා “ශක්ති මූලාශ්‍රයක් ”ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
චීන ආර්ථිකයේ මූලික තත්ත්වය ස්ථීර ලෙස පවතී. එහි ඔරොත්තු දීමේ හැකියාව ද ශක්තිමත් වන අතර සැඟවුණු හැකියාව හා ශක්තිය ද විශාල ය.එමෙන්ම චීන ආර්ථිකය ස්ථාවර ලෙස අඛණ්ඩව ප්‍රකෘතිමත් වීම වෙනස් නොවනු ඇත.එමෙන්ම උසස් ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ ප්‍රවණතාව, උසස් මට්ටමේ විවෘතභාවය අනුගමනය කිරීමේ දිශාව ද වෙනස් නොවන බව හෙතෙම පැවසීය. ආර්ථිකයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා පරිමාව නිසි ආකාරයෙන් වර්ධනය කිරීම සාක්ෂාත් කිරීම සඳහා අධිෂ්ඨානය, හැකියාව හා අවශ්‍යතාවන් චීනය සතු වන බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ