චීනයේ කම්කරු දින නිවාඩු කාලයේ දුම්රිය මගී වාර සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.
නිවාඩු සමයේ තෙවන දිනය වන අද (3) චීනයේ දුම්රිය මගී වාර සංඛ්‍යාව මිලියන 18 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ වෙනුවෙන් මගී දුම්රිය 1,563 ක් එක් කිරීමට ද සැලසුම් කර ඇත. ඊයේ (2) දුම්රිය මගී වාර ගණන මිලියන 19.55 ක් වූ අතර එය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 11.1% ක වැඩිවීමකි.
පසුගිය අප්‍රේල් 30 වැනිදා සිට ඊයේ (2) දිනය දක්වා, චීනයේ දුම්රිය මගී වාර සංඛ්‍යාව අඛණ්ඩව දින තුනක් පුරා පසුගිය වසරට සාපේක්ෂව 10% කට වඩා වැඩි විය. විශේෂයෙන්ම මැයි 1 වැනිදා දුම්රිය මගී වාර සංඛ්‍යාව ඓතිහාසික නව වාර්තාවක් පිහිටුවමින් මිලියන 23.119 දක්වා ළඟා වූ බව වාර්තා වේ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල එකොළොස්වන තොගය මියන්මාරයට භාර දෙයි
ඇමරිකාවේ සෞඛ්‍ය ආයතනවල කප්පාදු කිරීම්වලට එරෙහිව එරට ජනතාවගේ විරෝධය
ෂින්ජ්‍යංහි මායිම් ප්‍රදේශයට පැමිණ අධ්‍යාපන ව්‍යාපාරය සඳහා එක්ව සිටින ස්වේච්ඡා සේවක කණ්ඩායම වෙත චීන ජනපතිගෙන් පිළිතුරු ලිපියක්