චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා.
බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය මෙරට ළමුන් අතර බෙදාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදුන් බවත් ඒ අනුව පාසල් 7,900ක ළමුන් ලක්ෂ 11ක් සඳහා මාස 06ක කාලයක් සඳහා ලබාදීමට චීන රජය විසින් ප්‍රදානය කර ඇති බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
ඊට අමතරව මෙරට පාසල් ළමුන් සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බව මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති