චීනය Tianhui-5 චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කරයි.
උතුරු චීනයේ Shanxi පළාතේ Taiyuan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (01) බෙයිජිං වේලාවෙන් පෙරවරු 6.50 ට නිකුත් කෙරුණු එය, සාර්ථකව කක්ෂගත විය.Tianhui-5 චන්ද්‍රිකාව ගුවන්ගත කෙරුණේ නවීකරණය කරන ලද Long March -6 වාහක රොකට්ටුවේ ආධාරයෙනි. සැලසුම් කෙරුණු කක්ෂයට ඇතුළු වූ එමගින් භූගෝලීය සිතියම්කරණය, ඉඩම් සම්පත් සමීක්ෂණය, විද්‍යාත්මක අත්හදා බැලීම් සහ වෙනත් මෙහෙයුම් සඳහා දත්ත ලබාගැනෙනු ඇත.මෙම දියත් කිරීම Long March රොකට් මාලාවේ 494 වැනි මෙහෙයුම යි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ