එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් රැසක් චීනයට අනුබල ලබා දෙන බව ප්‍රකාශ කරයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
ඊයේ(24) ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 57 වැනි සැසියේ දී ඇමරිකාව ඇතුළු රටවල් සුළුතරයක් සිය ප්‍රකාශනය මගින් චීනයේ වත්මන් මානව හිමිකම් තත්ත්වයන් අපකීර්තියට පත් කළ බව ඔහු කියා සිටියේය. එහිදී රටවල් 100කට අධික සංඛ්‍යාවක් චීනයේ යුක්ති සහගත ස්ථාවරයට අනුබල ලබා දෙන බවට ප්‍රකාශයට පත් කරමින් මානව හිමිකම් ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක් කිරීමට විරෝධය පළ කර ඇත. ඇමරිකාව ඇතුළු එම බටහිර රටවල මානව හිමිකම් ප්‍රශ්නය දේශපාලනීකරණයට ලක් කිරීමේ ක්‍රියාවන් අනිවාර්යයෙන් ම අසාර්ථක වන බව එමගින් පිළිබිඹු කෙරෙන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය