Lanka Plus News

www.lankaplusnews.com

“ගෝලීය සැපයුම් දාම ප්‍රවර්ධන වාර්තාව”නිකුත් කෙරේ

තුන්වන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රදර්ශනය ඊයේ (17) බෙයිජිං අගනුවර දී ආරම්භ විය. එම ප්‍රදර්ශනයේදී “ගෝලීය සැපයුම් දාම ප්‍රවර්ධන වාර්තාව” පළ කෙරිණ.

2024 වසරේ ගෝලීය සැපයුම් දාම ප්‍රවර්ධනයේ නවතම තත්ත්වය පිළිබඳව එම වර්තාව මගින් විශ්ලේෂණය‍ කෙරෙන අතර, ගෝලීය සැපයුම් දාමයේ සංවර්ධනය සඳහා චීනයේ ප්‍රධාන පියවර සහ නවතම අවස්ථා ද දක්වා තිබේ.

එමෙන් ම, ගෝලීය සැපයුම් දාම දර්ශක හතරේ අගයන් ද එහිදී ප්‍රථම වරට අනාවරණය කෙරිණ. ගෝලීය සැපයුම් දාමයේ සමස්ත සංවර්ධනය සාපේක්ෂව ස්ථාවර තත්ත්වයක පවතින බව එමගින් පෙන්නුම් කෙරේ. වසර 2018-2024 අතර, ප්‍රවර්ධනය, සම්බන්ධතාවය, නවෝත්පාදනය සහ ඔරොත්තු දීමේ හැකියාව යන ගෝලීය සැපයුම් අගයන් හතර ම ඉහළට පැමිණ තිබීම විශේෂත්වයකි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com