ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය ගෝලීය දකුණේ රටවල පැසසුමට ලක් වෙයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ හා චීන මාධ්‍ය සමූහයේ පොදු ප්‍රමුඛත්වයෙන් සංවිධාන කෙරුණු “සාමය, සංවර්ධනය, ආරක්ෂාව සමග, පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් එක්ව ගොඩනැගීම” යන මැයෙන් යුත් එම සංසදය පසුගියදා බෙයිජිංහිදී පැවැත්විණ.
ලොව පුරා රටවල් 76ක දේශපාලන ප්‍රධානීහූ, රජයේ නියෝජිතයෝ, විද්වත්හූ සහ මාධ්‍ය නියෝජිතයෝ, මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් ඊට එක් වූහ. ගෝලීය දකුණු චින්තන පර්ෂද 40ක් එම සංසදයේදී‘පොදු ඉරණමක් සහිත සමෘද්ධිමත් ලෝකයක් ගොඩනැගීම සඳහා ගෝලීය දකුණේ රටවල චින්තන පර්ෂද එක්ව කටයුතු කිරීම පිළිබඳ ඒකාබද්ධ යෝජනාව’ඉදිරිපත් කළහ.
ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය පිළිබඳ විශේෂ වැඩසටහන, චීන මාධ්‍ය සමූහයට අයත් CGTN රූපවාහිනී නාලිකාව සහ නව මාධ්‍ය හරහා විකාශය කිරීම සම්බන්ධයෙන් සංසදයට සහභාගිවූවන් එහිදී සාකච්ඡා කර තිබේ. එය ගෝලීය දකුණේ රටවල පැසසුමට ද ලක් ව තිබේ.
ඒ සමගම විදේශීය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන 1215ක් එම සංසදය පිළිබඳව වාර්තා 1370ක් සිදු කර තිබේ. එමෙන්ම එහි ගෝලීය නැරඹුම් සංඛ්‍යාව මිලියන 39.85 ඉක්මවා තිබීම ද විශේෂත්වයකි.
More Stories
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්