“ගෝලීය ආරක්ෂක මුලපිරුම පිළිබඳ සංකල්ප පත්‍රිකාව” චීනය නිල වශයෙන් එළිදක්වයි.
අද (21) එළිදැක්වුණු එම පත්‍රිකාව, ගෝලීය ආරක්ෂක මුලපිරීමේ මූලික සංකල්ප සහ මූලධර්ම ඉදිරිපත් කරමින් ප්‍රධාන සහයෝගිතා දිශාවන් සහ වේදිකා යාන්ත්‍රණ පැහැදිලි කරයි.
“ගෝලීය ආරක්ෂක මුලපිරුම: ආරක්ෂාව පිළිබඳ දුෂ්කර තත්ත්වයන්ට චීනයේ විසඳුම” යන තේමාවෙන් යුත් Lanting සංසදය අද (21) උදෑසන පැවැත්විණ. චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා එහිදී පැවසුවේ, ලෝක සාමය පවත්වා ගැනීම සඳහා චීනයේ වගකීම මෙන්ම, ගෝලීය ආරක්ෂාව සුරැකීමට ඇති ස්ථිර අධිෂ්ඨානය එම සංකල්ප පත්‍රිකාව මගින් පෙන්නුම් කෙරෙන බවයි. චීනය නිසි අවස්ථාවේ දී ගෝලීය ආරක්ෂක මුලපිරුම පිළිබඳ ඉහළ මට්ටමේ ක්‍රියාකාරකම් පවත්වමින්, විවිධ පාර්ශ්ව සමඟ ආරක්ෂක සැලසුම් සාකච්ඡා කරන බව ද විදේශ අමාත්‍යවරයා පැවසීය.
More Stories
ASEAN-GCC-චීන සමුළුව කලාපීය සහයෝගීතාව නව යුගයකට යොමු කරයි – මැලේසියාවේ අගමැති
චීන ළමා පුරෝගාමීන්ගේ ජාතික සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ජපානයේ ජීවත් වන යෝධ පැන්ඩාවන් හතර දෙනෙක් ජුනි මාසයේදී යළි චීනයට