Lanka Plus News

www.lankaplusnews.com

ගෝලීය අභියෝග හමුවේ බ්‍රික්ස් සහයෝගීතා වර්ධනය චීන අගමැති අවධාරණය කරයි

17 වැනි බ්‍රික්ස් රටවල නායක රැස්වීමේ දෙවැනි හා තුන්වැනි අවධියේ සමුළුවට චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පසුගිය 6 වනදා හා 7 වනදා සහභාගි විය. බහුපාර්ශ්වවාදය, කෘත්‍රිම බුද්ධිය, පරිසර හා දේශගුණ විපර්යාසය, ගෝලීය සෞඛ්‍ය සේවාව පිළිබඳව ලී ච්‍යං මහතා එහිදී දේශන සිදු කළේය.

“පුළුල් බ්‍රික්ස් සහයෝගිතාව” තුළින් විවෘත ගෝලීය ආර්ථිකය ගොඩනැගීමට කැප විය යුතු බව ලී ච්‍යං මහතා එහිදී පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා මට්ටම ඉහළ නැංවීමද අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම නව ආර්ථික වර්ධන ක්ෂේත්‍ර බිහි කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

මේ අතර ගෝලීය දේශගුණ, පරිසර හා සෞඛ්‍ය සේවා යනාදී ක්ෂේත්‍රවල අවදානම් ඉහළ යාම හමුවේ ජගත් ප්‍රජාව සක්‍රිය ලෙස ක්‍රියා කරමින් ඒකාබද්ධව අභියෝගවලට ප්‍රතිචාර දැක්විය යුතු බව ලී ච්‍යං මහතා කියා සිටියේය.

එමෙන්ම කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ගෝලීය පාලනය පිළිබඳ බ්‍රික්ස් රටවල නායකයින්ගේ ප්‍රකාශය, දේශගුණික මූල්‍ය රාමුව පිළිබඳ බ්‍රික්ස් රටවල නායකයින්ගේ ප්‍රකාශය එහිදී සම්මත කෙරිණ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com