පසුගිය දින 7 තුලදී පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රීතව ගැවසුනු පුද්ගලයින් ඒ පිළිබඳ වහාම ළගම සිටින මහජන සෞඛ්‍ය පරික්ෂවරයාට දැනුම් දී පී සී ආර් පරික්ෂණය සඳහා යොමුවන ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා.
කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියා.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රීතව කොරෝනා ආසාදියතයින් 55 දෙනෙකු මේවනවිට හඳුනාගෙන තිබෙනවා.
මත්ස්‍යය වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව කටයුතු කළ පුද්ගලයින් 1600කට අධික සංඛ්‍යාවක් මේවනවිට නිරෝධායන මධ්‍යස්ථානවලට සහ ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී කියා සිටියා.
More Stories
ආනයනය කළ පළමු පොල් කිරි තොගය රසායනාගාර පරීක්ෂාවට යොමු කෙරේ
කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා
ඩොලරය අදත් පහළට