රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව සියයට 30 – 40 අතර සංඛ්‍යාවකින් වැඩිවී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
රටපුරා නිවාස සහ වාහන විකිණීම්ද පසුගිය දිනවල වැඩිවී ඇති අතර බොහෝ දෙනකු ඒ දේපළ විකුණා ඇත්තේ විදේශගත වීම සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් බව දැනගන්නට ඇත.
විදේශ රටවල දැනට ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙරට ජීවත්වන සිය කිට්ටුවන්ත ඥාතීන් ඒ රටවලට ගෙන්වාගැනීමද වැඩිවී ඇති අතර බොහෝ පිරිසක් එවැනි අනුග්‍රහ අපේක්ෂාවෙන් සිටින බවද අප කළ කරුණු සොයා බැලීමකදී දැනගන්නට ලැබිණ.
එසේම නීති විරෝධී ක්‍රම මගින් විදේශයන්ට පලා යන පිරිස්ද වැඩිවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති