කින්නියා පොලිස් වසමේ කන්දල්කාඩු මානල්ආරු ප්‍රදේශයේ ස්වාභාවික වන සම්පත් ද විනාශ කරමින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරගෙන ගිය මහා පරිමාන වැලි ජාවරමක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුවනින් ගොස් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ(18) සමත් විය.
මෙම ජාවාරම පිළිබඳ හෙලි යානා භාවිතා කරමින් දින ගණනාවක් නිරීක්ෂණය කර ලබා ගන්නා ලද තොරතුරු අනුව ශ්‍රි ලංකා ගුවන්ව හමුදාවට අයත් MI 17 වර්ගයේ හෙලි යාන උපයෝගි කරගෙන සිදු කරන ලද මෙම දැවැන්ත මෙහෙයුමට ගුවන් හමුදාවේ සහ විශේෂ කාර්යබලකායේ විශේෂඥ පැරෂුට් පුහුණු නිලධාරීන්ගේද දායකත්වයද ලබා ගෙන ඇත.
මෙම මෙහයුමේදී ට්‍රැක්ටර් රථ 13ක්. ට්‍රක් රථ 8ක් බෝට්ටු 34ක් යතුරුපැදි 37ක් හා පුද්ගලයින් 56ක් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ වවුනියාව කලාපයේ කදවුරු වල නිලධාරීන් සමග ත්‍රිකුණාමලය කඳවුරේ පො. ප. එල්. ඩබ්ලිව් ද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති