වාණිජ ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකාව විවෘත කිරීමෙන් පසුව පළමු විදේශීය සංචාරකයන් පිරිස ලෙස නෙදර්ලන්ත ජාතිකයන් 10 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
එමිරේට්ස් ගුවන් සේවයේ යානයකින් ඊයේ රාත්‍රියේ ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සඳහන් කලේ.
මීට අමතරව ජර්මන් ජාතික සංචාරකයන් 05 දෙනෙකු අද අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් ශ්‍රී ලංකාව යළි විදේශීය සංචාරකයන් සදහා විවෘත කිරීම පිළිබඳ වාර්තාකරණය පැමිණි මාධ්‍යවේදීන් පිරිසක් බව සඳහන්.
ඔවුන් පැමිණ තිබුණේ කටාර් ගුවන් සේවයට අයත් යානයකිනුයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්