ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපොළට IS ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට අමෙරිකාව අනතුරු අඟවා තිබේ.
එබැවින් අමෙරිකානු වැසියන්ට කාබුල් ගුවන්තොටුපොළ මගහැර සිටින ලෙස උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කිසියම් අයෙක් ගුවන්තොටුපොළට පැමිණිය යුත්තේ සිය රජයේ නියෝජිතයෙක් විසින් කරන දැනුම්දීමකට අනුව පමණක් බව අමෙරිකාව සිය පුරවැසියන්ට දැනුම්දී තිබේ.
ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපොලේ පිටත ප්‍රදේශය තුළ ආරක්ෂක තර්ජනයක් පවතින බවට අමෙරිකාව ඊයේ අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
මේ අතර ජර්මනියද කාබුල් ගුවන්තොටුපොලේ ආරක්ෂක තර්ජනයක් පවතින බවට සිය පුරවැසියන්ට දැනුම්දී තිබේ.
තලෙබාන් ආක්‍රමණයත් සමග රටින් පළායෑමට උත්සාහ දරන ඇෆ්ගන් වැසියන් හේතුවෙන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන්තොටුපොලේ තවමත් පවතින්නේ දැඩි කලබලකාරී වාතාවරණයකි.
More Stories
චීන විදේශ ඇමති හා ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්
නූතනත්වයට උචිත ගුණාත්මක නිර්මාණ වෙනුවෙන් චීන ජනපති කලාකරුවන් දිරිමත් කරයි
දකුණු චීන මුහුදේ ඉතිහාසය සහ යථාර්ථය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්