රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා මෙම විභාගයෙන් ගුරවරුන් බඳවා ගන්නා බවයි.
මෙම විභාගය සඳහා වයස අවුරුදු 40ට අඩු උපාධිධාරින්ට අයැදුම් කළ හැකි බව අමාත්‍යාංශය සඳහන් කළේ ය.
අයැදුම්පත් භාරගැනීම ලබන මස 10 වැනිදා අවසන්වීමට නියමිතයි.
applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයැදුම්පත් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මේ වනවිට මෙරට පාසල් පද්ධතිය ආශ්‍රිතව ගුරු පුරප්පාඩු 23,000කට අධික සංඛ්‍යාවක් පවතී
අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ,2023 පළමු පාසල් වාරයට පෙර මෙම ගුරුවරුන් බඳවා ගැනීමටයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති