Lanka Plus News

www.lankaplusnews.com

ගුරුවරයෙක් ජීවිතක්ෂයට

පොල් ගෙඩියක් හිස මතට වැටීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි ගුරුවරයෙකු මියගොස් ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි.

එසේ මරණයට පත් වී ඇත්තේ වලස්මුල්ල බෝවල පදිංචි බෝවල මහා විද්‍යාලයේ විද්‍යා ගුරුවර යෙකි.

මරණයට පත් ගුරුවරයා 53 හැවිරිදි නිමල් සේනාරත්න නැමැත්තෙකු බවට වාර්තා වී ඇත.

ඔහු කුඹුරට ගොස් සිටියදී අසල තිබූ පොල් ගසකින් ඔහුගේ හිස මතට පොල් ගෙඩියක් වැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com