කහටගස්දිගිලිය, පළුකෙටූවැව ප‍්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසය පවසනවා.
ටී 56 වර්ගයේ හිස් මැගසින් 3 ක් හා සජීව පතොරම් 184 ක්, ජෙලග්නයිට් කූරු අටක්, විදුලි නොවන ඩෙටනේටර් 11 ක් සහ ඩෙට් කෝඞ් වයර් එකක් ඇය සතුව තිබී සොයා ගත් බවයි පොලීසිය කියා සිටියේ.
47 හැවිරිදි කාන්තාව අද කහටගස්දිගිලිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඊට අදාළව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති