ප්‍රදේශ කිහිපයක සිදුකරන ලද වැටලීම්වලින් ගිනිඅවි සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.
අවිස්සාවේල්ල සහ කුරුවිට යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අවිස්සාවේල්ල හේවායින්න ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග 47 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇත.
මේ අතර කුරුවිට පැරඩයිස් හන්දිය ප්‍රදේශයේදී රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ උණ්ඩ 02ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
- Derana news
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති