ගෑස් තොග බෙදා හැරීම හෙට දිනයෙන් පසු අවසන් වන බව ලිට්රෝ සමාගම පවසනවා.
ඒ අනුව ගෑස් සිලින්ඩර 16,000ක් හෙට දිනයේ පමණක් බෙදා හැරෙනු ඇති බවයි එම සමාගම පවසන්නේ.
මේ අතර යළි ගෑස් මෙට්‍රික් ටොන් 2,500ක් රැගත් නෞකාවක් එලඹෙන ඉරිදා දිනයේ දිවයිනට ළඟා වීමට නියමිත බව වාර්තා වනවා.
ඒ අනුව ගෑස් බෙදා හැරීම ලබන අඟහරුවාදා සිට සිදුකළ හැකි බවයි ලිට්රෝ සමාගම සඳහන් කරන්නේ.
එම නිසා පෝලිම්වල රැදී නොසිටින ලෙස එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති