අද (21) දිනයේ සිට දෛනිකව ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
අද දිනයේ බෙදා හරින ගෑස් සිලින්ඩර් 80,000න් 50,000ක් පමණ කොළඹ සහ ගම්පහ නගරවලට බෙදා හරින බව එහි සභාපති විජිත හේරත් මහතා පැවසීය.
ඊයේ(20) දිනයේ ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් අඩංගු ගෑස් නෞකාවක් පැමිණි බවත් එම ගෑස් තොගය දින 6කට පමණ ප්‍රමාණවත් වන බවත් ඔහු සඳහන් කළේය.
සඳුදා (23) දිනයේ තවත් ගෑස් නෞකා දෙකකට අමෙරිකානු ඩොලර් මිලියන 7ක් ගෙවීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ගෑස් සැපයුම සති දෙකක කාලයක් තහවුරු කරගත හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.
ගෑස් නියෝජිතයින් අමතා අදාළ දිනයේ ලැබෙන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව කොපමණ ද යන්න පිළිබඳව දැනුවත් වී ගෑස් මිල දී ගැනීම සඳහා යොමු වන ලෙස හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති