මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව ධූරයෙන් ඉවත් කරමින් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට උතුරු පළාත් නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා පියවර ගෙන තිබෙනවා.
මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාවුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් සම්බන්ධයෙන් විශ්‍රාමලත් අධිකරණ නිළධාරී කන්දයියා අරියනායගම් පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව අනුව සභාපතිවරයාව සභාපති ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය කටයුතු කළා.
නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබුණා.
අදාළ ගැසට් නිවේදනය පහතින්,

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්