ගැබිණි මවුවරුන් 700ක් පමණ කොවිඩ් ආසාදනයවී රෝහල්වල සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
ගර්භනී මවුවරුන් 19 දෙනෙකු කොවිඩ් ආසාදනයවී මියගොස් ඇතැයිද ඇය සඳහන් කළාය.මේ අතර කොවිඩ් ආසාදනයවූ ගර්භනී මවක ඊයේ(11) දිනයේද මියගිය බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.
ඇය වවුනියාවේ පදිංචිකාරියකි.කොවිඩ් ආසාදනයවී රෝහල්වල ප්‍රතිකාර ලබන ගර්භනී මවුවරුන් සංඛ්‍යාව පසුගිය මාසය වනවිට පැවතුණේ දෙසීයක පමණ සීමාවේ යැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය එම සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් ඊයේ වනවිට එය හත් සියයේ සීමාවට පැමිණ ඇතැයිද පැවසුවාය.
ගර්භනී මවුවරුන් කොවිඩ් ආසාදනය වීම වැඩිවන තත්වයක් පෙන්නුම් කෙරෙන බවද චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
ගර්භනී මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාගැනීමට නිර්දේශ කර ඇතත් ඔවුන්ගෙන් කොවිඩ් එන්නත දැනට ලබාගෙන ඇත්තේ සියයට 30ක ප්‍රතිශතයක් පමණක් බවත් ඇතැමුන් විවිධ මත නිසා කොවිඩ් එන්නත මග හරින තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් ඇය කීවාය.
එන්නත ලබා ගත් මවුවරුන් කිසිවකුටත් කිසිදු සංකූලතාවක් මතුවී ඇති බවට වාර්තාවී නැතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය හැකි ඉක්මනින්ම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි සියලුම ගර්භනී මවුවරුන්ට දැනුම් දෙන බවත් පැවසුවාය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති