කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ල වරාය ආශ්‍රිතව ද ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ගාල්ල වරාය සංවර්ධනයේදී,නව දියකඩනයක් නිර්මාණය කිරීම,මගී නෞකා සඳහා නව මගී පර්යන්තයක් නිර්මාණය කිරීම සහ හෙක්ටයාර 40ක භූමි ප්‍රදේශයක් මුහුද ගොඩකර නව භූමියක සංචාරක කලාපයක් ඇති කිරීමට අපේක්ෂා කරන බව ඔහු පවසයි.
ඒ හරහා යොට්ච් මැරීනා කලාපයක්,දිය මත ඉදිවෙන සංචාරක නිකේතන,ජල ක්‍රීඩා ප්‍රදේශ සහ හෝටල් ඉදිකිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන් වෙත අවස්ථා උදා කර දීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කෙරෙන බව කොළඹ ඊයේ(26) පස්වරුවේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති