කොළඹ, කොටුවේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මියගොස් තිබේ.
බාරොන් ජයතිලක මාවතේ අලුත්වැඩියා කරමින් පවතින ගෆූර් ගොඩනැගිල්ලේ ඉහළ මාලයෙන් ඔහු ඇඳ වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මියගොස් ඇත්තේ, 34 හැවිරිදි කන්දෙකැටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
නාවික හමුදා ඉංජිනේරු බලකාය මගින් මෙම ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි.
බරපතල තුවාල ලැබූ නාවික හමුදා සෙබළා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ