ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගල මළ සිරුරු තුනක් අද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අද (07) උදෑසන ගල්ගමුව පොලීසියට ලද තොරතුරක් මත එම නිවස පරීක්ෂා කිරීමේදී මෙම මළ සිරුරු හමුවී ඇත.
වයස අවුරුදු 28 ක පමණ විවාහක කාන්තාවකගේ මළ සිරුරක්, අවුරුදු 10 පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සහ අදාළ කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බව කියන 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද එම නිවසේ සිරුරක් එහි තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
කිසියම් ආරවුලක් හේතුවෙන් කාන්තාවගේ අනියම් සැමියා කාන්තාව සහ දරුවා ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන ඇති බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති