රුසියාවේ කෙමරෝවෝ ප්‍රාන්තයේ ගල්අගුරු පතලක ඇතිවූ ගින්නක් හේතුවෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පතල තුළ විශාල පිරිසක් සිරවී සිටින බවයි වාර්තා වන්නේ. ගින්න සිදුවන අවස්ථාවේ ගල්අගුරු පතලෙහි 285 දෙනෙකු සේවයේ නිරතව සිට තිබෙනවා. හදිසි සේවා සහ ගිනි නිවන අංශ ක්‍රියාත්මක කළ මුදා ගැනීමේ මෙහෙයුම් වලින් 236 දෙනෙකු පතලෙන් පිටතට රැගෙන ඒමට හැකි වුණා. ඔවුන් වහා රෝහල්ගත කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. පතල තුළ දුමාරය හේතුවෙන් සිරවී සිටින පිරිස මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා.
More Stories
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය