ගර්භණී මවකට එක් දිනක් හෝ උණ පවතින්නේ නම් වහාම රෝහල් ගතවන්නැයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ගර්භණී මව්වරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළාය.
ගැබිනියන් සහ කිරි මව්වරුන් 150කට කොරෝනා
කොවිඩ් ආසාදිතව ගර්භණී මව්වරුන් 100 දෙනෙකු හා කිරිදෙන මව්වරුන් 50 දෙනෙකු මේ වන විට රෝහල් තුළ ප්‍රතිකාර ලබන අතර කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මව්වරුන් 11 දෙනෙකු මේ වන විට මියගොස් ඇතැයි ද ඇය සඳහන් කළාය.
කොවිඩ් ආසාදිතව මිය ගිය මව්වරුන්ගෙන් වැඩි දෙනෙකු මියයාමට හේතුව වී ඇත්තේ විවිධ සංකූලතාවන් පවතින මව්වරුන් බවත් ඔවුන්ගේ රෝගී තත්ත්වයන් උත්සන් වීමට පෙර රෝහල් වෙත නොපැමිණීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇතැයිද ඇය පෙන්වා දෙයි.
කෙසේ නමුත් සංකූලතාවන් පවතින ගර්භණී මව්වරුන්ට එන්නත් ලැබෙන පරිදි ලබා දීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බවද ඇය සදහන් කළාය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති