ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් සහ සිවිල් ක්‍රියාකාරි නායිකාවන් සියයකට ආසන්න පිරිසක් වෙනුවෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කරනු ලැබ ඇත.
මෙම වැඩසටහන පාර්ලිමේන්තුවේදී ලබන 12 වැනිදා පැවැත්වේ.
දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම සහ ඔවුන්ගේ දැනුවත්බව වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසිනි.
මෙම වැඩසටහන සදහා පැෆරල් සංවිධානයද සම්බන්ධීකරණ දායකත්වය ලබාදී ඇත.
මේ අනුව නීති සම්පාදනය ඇතුළු පාර්ලිමේන්තු කටයුතු, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන අතර පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවක්ද සංවිධානය කරනු ලැබ ඇත.
මේ අතර ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ තරුණ තරුණියන් පිරිසක් සදහා ලබන 15 වැනිදා ද කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් වෙනුවෙන් ලබන 16 වැනි දා ද පාර්ලිමේන්තු කටයුතු පිළිබද දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබ ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති