ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකින් මුදල් හා ස්වර්ණාභරණ කොල්ල කා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 05 ක් යොදවා තිබෙනවා.
මුහුණු ආවරණ සහිතව යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ගිණි අවි පෙන්වා සේවකයන් බිය වද්දා මෙම මංකොල්ලකෑම සිදුකර ඇත්තේ ඊයේ පස්වරුවේදීයි.
එම මුදල් හා ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් කෝටි 04 කට අධික බවයි මේ වන විට අනාවරණ වී ඇත්තේ.
කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් ඉහළයාමේ ප්‍රවණතාවක් මේ දිනවල වාර්තා වන බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසුවන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්