කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍යම හේතුවකට හැර ගම්පහ නගරයට පැමිණීමෙන් වළකින ලෙස ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා ජනතාව වෙත දැනුම් දීමක් සිදු කර තිබේ.
රෝග තත්ත්වයක් මත ප්‍රතිකාර ලබා ගැනීම පිණිස රෝහලක් වෙත පැමිණීමට හෝ වෙනත් අත්‍යාවශ්‍යම හේතුවක් හැර ගම්පහ නගරයට නොපැමිණෙන ලෙස ගම්පහ නගරාධිපතිවරයා සඳහන් කර තිබේ.
පවතින අයහපත් තත්ත්වය මත නගරයේ වෙළඳසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට වෙළඳ සංගමය මේ වන විට පියවර ගෙන ඇති අතර නගරයේ වෙළඳසල් සේවකයින් පිරිසකට මෙන්ම ගම්පහ මහ නගර සභා සේවක පිරිසකට පවා කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව නගරාධිපතිවරයා සඳහන් කරයි.
අත්‍යාවශ්‍ය කරුණකට ගම්පහ නගරයට පැමිණිය හොත් අවශ්‍යතාවය ඉටු කරගැනීමෙන් පසුව කඩිනමින් පිටව යන ලෙසත් පවතින අයහපත් තත්ත්වය නොසලකා හැර කටයුතු කිරීමෙන් වලකින ලෙසත් නගරාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති