ගම්පහ ප‍්‍රදේශ කිහිපයකට පැය 16 ක කාලයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කලේ ඒ අනුව අද පස්වරු 2 සිට හෙට උදෑසන 6 දක්වා එය කි‍්‍රයාත්මක බවයි.
ගම්පහ මහ නගර සභා සීමාව, කොළඹ – නුවර මාර්ගයේ මිරිස්වත්ත හන්දියේ සිට අළුත්ගම බෝගමුව පල්ලිය පාර දක්වා ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
කොළඹ – නුවර මාර්ගයේ යක්කල පාලමේ ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කලේ.
More Stories
විදුලි බිඳවැටීම් ගැන පැමිණිලි 50,000ක්
කඩු ප්රහාරයට ලක්වූ තිදෙනාගෙන් අයෙක් මරුට
දෙදින තැපැල් වර්ජනය අවසන්