මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) දවස තුළ ඉවත් කිරීමට කිසිසේත් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසාදීමට පියවර ගැනීමට නියමිත බව ඔහු සඳහන් කරනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (25) උදෑසන රුපවාහිනී වැඩසටහනට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත.
යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ දින තුනකට වඩා අඛණ්ඩව නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වේනම් එම ප්‍රදේශවලටත් හෙට දිනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දෙන බවයි.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්