ජනවාරි සිට මේ දක්වා කාලයේ අලි 83 ක් මියගොස් ඇතැයි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි.
වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව කීවේය.
විදුලි සර වැදීම, වෙඩි තැබීම, හක්ක පටස්, ලිංවලට වැටීම, දුම්රිය අනතුරු සහ ස්වභාවික හේතූන් මෙම අලි මරණවලට හේතුවී තිබෙන බවද ලේකම්වරයා කියයි.
අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා විශේෂ ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කරන බවද ඔහු කීවේය.
අලි මරණවලින් සියයට 50 ක්ම වාර්තා වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බවත්, ඒ අතරින් අලි වැඩි පිරිසක් මිය යන්නේ විදුලි සර වැදීම සහ හක්ක පටස් නිසා බවත් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පවසයි.
මෙහිදී වනජීවි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු කියා සිටියේ රටේ අලි ගහණය වැඩිවී තිබෙන බවය. ඉකුත් වසරේ (2020) මුල් මාස තුනට මියගොස් සිටි අලි සංඛ්‍යාව 76කි.
(අරුණ පුවත්පත ඇසුරින්)
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති