ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 225 ක් අතරින් වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව තුන්ලක්ෂ හැටදහසකට අධිකයි.
එමෙන්ම ඊයේ දිනයේදී ජර්මනියෙන් 225,000 ක් වියට්නාමයෙන් 175,000 ක් ප්‍රංශයෙන් 116,000 ක් හා බ්‍රිතාන්‍ය යෙන් 52,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ගතවූ පැය 24 ට සිදුව ඇති වැඩිම මරණ සංඛ්‍යාව වන 901 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය තිස්තුන දක්වා ඉහළ ගියා. හමුව ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් හයකෝටි විසිලක්ෂය ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්