වියානා නුවර පැවති ජගත් සංවිධානයේ ඖෂධ සමුලුවේදී මැරවානා, කැනබීස්, කංසා ආදී විවිධ නම්වලින් හඳුන්වන මත්ද්‍රව්‍යය දැඩි පාලනයක් සහිත මත්ද්‍රව්‍ය කාණ්ඩයෙන් ඉවත් කිරීමට තීරණය කෙරුනා.
සාමාජික රටවල් අතර පැවති ඡන්දයෙන් 27 ට 25 ක් ලෙස ඊට අනුමැතිය හිමිවුණා.
කංසා, පර්යේෂණ හා වෛද්‍ය භාවිතය උදෙසා සංවර්ධනය කිරීමට පවතින බාධාවන් ඉවත් කළ යුතු බවට පසුගිය වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් ඉදිරිපත් කරනු ලැබුවා.
මෙහිදී රුසියාව, චීනය සහ පාකිස්ථානය වැනි රටවල් ඊට විරුද්ධව ඡන්දය පළ කළා
හෙරොයින් ඇතුළු අනෙකුත් අනතුරුදායක මත්ද්‍රව්‍ය මෙන්, ගංජා වලින් කැපී පෙනෙන මරණීය අවදානමක් නොමැති බවත්, දැඩි වේදනාව හා අපස්මාරය වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා එය යොදා ගත හැකි බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තිබෙනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්