වියළි මිදි යැයි හඟවමින් ඉන්දියාවෙන් ආනයන කළ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් වියළි කහ කිලෝ 7,110 ක් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා අද (21) පස්වරුවේ පැවසීය.
ශ්‍රී ලංකා රේගු ආර්.සී.ටී. බහලුම් පර්යන්තයේ බහලුම් හතරකින් මෙම කහ තොගය සොයාගත් බවත් වියළි මිදි කිලෝ 10 බැගින් ඇතුළත් යැයි සඳහන් පෙට්ටි 1995 කින් පෙට්ටි 790 ක මෙම කහ තොගය සූක්‍ෂම ලෙස සඟවා තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
වියළි මිදි කිලෝ 10 බැගින් වන පෙට්ටි 20,000 ක් යැයි පවසමින් කොළඹ 12 ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් මෙම කහ තොගය ආනයනය කළ ඇති බවත් මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්‍ෂණ ක්‍රියාත්මක වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
- Lankadeepa
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු