වේගයෙන් වර්ධනය වන දිල්ලියේ කොවිඩ් 19 ආසාදිතයන් හට ප්‍රතිකාර කිරීම පිණිස රෝහල් වාට්ටුවල ඉඩකඩ නොමැති හෙයින්, ඒ වෙනුවෙන් දුම්රිය මැදිරි 500 ක් යොදාගැනීමට ඉන්දීය බලධාරීන් කටයුතු යොදා තිබෙනවා. එම මැදිරිවල ඇඳන් 8,000කට වැඩි ගණනකට ඉඩ ඇතැයි ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා සඳහන් කර තිබෙනවා.
හදිසි අවස්ථා පිළිබඳ නව රෙගුලාසි යටතේ අගනුවර සාත්තු නිවාසද කොවිඩ් රෝහල් වශයෙන් යොදා ගැනීමට රජය තීරණය කර ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ වනවිට ඉන්දියාවෙන් දෛනිකව හමුවන නව ආසාදිතයන් සංඛ්‍යාව 12,000ක් පමණ වන අතර ඇමෙරිකාව, බ්‍රසීලය සහ රුසියාවට පසු එනම් ලෝකයේ 4 වැනි ස්ථානයට කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.
වඩාත්ම නරක තත්ත්වය මහාරාෂ්ට්‍රයේ පවතින අතර, දෙවැනියට තමිල්නාඩුවද, තෙවැනියට දිල්ලියද එරටින් වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන ප්‍රාන්තයන් වනවා.

More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්