කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
එම ව්‍යාපෘතිය වහාම නතර කර එහි ව්‍යාපෘති කාර්යාලයද වසා දමන ලෙස ජනාධිපති ලේකම්වරයා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එන්.බී මොන්ටි රණතුංග මහතාට ඉකුත් 21 වැනිදා ලිපියක් යවමින් දක්වා තිබුණා.
එම ව්‍යාපෘතිය වෙනුවට සුදුසු වැඩපිළිවෙළක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමඟ එක්ව සකස් කරන ලෙසද එම ලිපියෙන් දැනුම් දී ඇති බව වාර්තා වනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති