කොළඹ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට අද (30) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ඇතිවූ තද සුළං හේතුවෙන් ස්ථාන කිහිපයකින් ගස් කඩාවැටීම් සහ දේපොළ හානි වාර්තා වුණි.

කොළඹ විජේරාම මාවත, කොළඹ හෝර්ට්න් පෙදෙස, මෙට්ලන්ඩ් පෙදෙස, කොළඹ 02 නවම් මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ගස් කඩාවැටීම් වාර්තා වී තිබේ.

මේ හේතුවෙන් එම මාර්ග ආශ්‍රිත රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

By Widane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP Twitter Auto Publish Powered By : XYZScripts.com