කොළඹ හා තදාසන්න ප්රදේශයන්ගේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳ නවතම පර්යේෂණ කටයුතු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ කර ඇත.
එහි අසාත්මික ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරන්නේ මෙරට පැතිර යන්නේ එක් ප්‍රභේදයක්ද නැති නම් ප්‍රභේද කීපයක්ද යන්න එමගින් සොයා ගත හැකි වනු ඇති බවයි.
පසුගිය අප්‍රේල් මාසයේ කළ පර්යේෂණයන්ගෙන් තහවුරු වූයේ මෙරට පැතිර යන්නේ එංගලන්ත ප්‍රභේදය බවය. එහෙත් මේ වන විට රටේ තවත් ප්‍රෙභ්දයන් පැතිර යන්නේද පිළිබඳව මෙම පර්යේෂණයන්ගෙන් සොයා ගත හැකි වනු ඇතැයි ජීවන්දර මහතා සඳහන් කරයි.
මෙම නවතම පර්යේෂණයන්ගේ ප්‍රතිඵල තව දින තුනකින් පමණ ප්‍රකාශකට පත් කළ හැකිවනු ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති