සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම 2% ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසු 8% බවට පත්ව තිබෙන බව වාර්තා වී ඇත.
වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේ, PCR පරීක්ෂණ 100ක් සිදුකළ විට එයින් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් ආසාදිතයින් ලෙස අවුරුද්දට පෙර වාර්තා වු බවයි.
වෛද්‍ය රුවන් විජේමුණි මහතා,
“ඊයේ (19) දිනයේ දී පුද්ගලයින් 225 දෙනෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව 18 දෙනෙක් අහඹු සාම්පල් ලෙස වාර්තා වුණා. ඒ කියන්නේ සියයට 8ක ප්‍රමාණයට මෙය ඉහළ නැඟ තියෙනවා. තවමත් තත්ත්වය ඉතාමත් බරපතළ නොවුවත් සියයට 2ක තිබුණ දේ සියයට 8 දක්වා හතර ගුණයකින් වැඩිවෙලා තියෙනවා. මෙය පරීක්ෂාකාරී විය යුතු තත්ත්වයක්.“
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති