හෙට රාත්‍රී අටේ සිට ඉරිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 28ක කාලයක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.
ඒ අනුව කොළඹ හතර, පහ, හය, හත, අට සහ කෝට්ටේ මෙන්ම කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.
අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ හදිසි කාන්දුවක් පිළිසකර කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති