නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවෙන් පැන ගිය ආසාදිතයා පොලිසිය විසින් සොයා ගෙන යළිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට භාර දුන් බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පවසයි.
මොහු පස්බාගේ කොරලේ සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛය පරීක්ෂකවරුන් විසින් කුරුදුවත්ත නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකර තිබු නාවලපිටිය කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.
එම පුද්ගලයා සසුගිය 20 වන දා එලෙස නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකර තිබුණි.
කෙසේ නමුත් රෝගය උත්සන්න වීම නිසා අදාළ පුද්ගලයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකට ඇතුලත් කිරිමෙන් පසු අද (25) උදෑසන එම වාට්ටුවෙන් පැන ගොස් ඇති බව පොලීසිය පවසයි.
අනතුරුව ආසාදිතයා බස් රථයකින් තම නිවස කරා යමින් සිටියදී කුරුදුවත්ත මේරිවල පොලිස් මුරපොලේදි අල්ලාගෙන නාවලපිටිය රෝහලට යොමු කර ඇත.
ඒ අනුව එම පුද්ගලයා ගමන් ගත් බස් රථයේ සමීපතම ආශ්‍රිතයන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති