උතුරු මැසිඩෝනියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.
එරට සෞඛ්‍ය අමාත්‍ය වෙන්කෝ පිලිප්ස් සඳහන් කළේ ටෙටෝවෝ නගරයේ රෝහලක ගින්න හටගෙන ඇති බවයි.
ගින්නෙන් තවත් රෝගීන් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ගින්න පාලනය කිරීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ