සියලු රටවල් එක්ව කටයුතු කළහොත් මෙම වසරේ කොවිඩ් -19 වසංගතය පාලන කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම සංවිධානය පෙන්වා දෙන්නේ පටු ජාතිකවාදි පදනමින් එන්නත් රැස් නොකර සමානව සියලු රටවල් සඳහා ලබාදිය යුතු බවය.
කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වනවිට ලොව පුරා පුද්ගලයින් මිලියන 5.5කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබේ.
එවැනි තත්ත්වයක් තුළ 2022 නව වසර සැමරීම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියා කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වාදෙයි.
කෙසේවෙතත් කොවිඩ් -19 පාලනය කිරීම සඳහා මේ වනවිට ක්‍රමවේද කිහිපයක්ම පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ