මොනරාගල ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඇතිමලේ පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් 57 දෙනෙකුගෙන් 16 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව ඊයේ (24) දිනයේ හඳුනා ගෙන ඇත. පසුව පොලිස් ස්ථානයේ අනෙක් නිලධාරීන්ගේ ද PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වී ඇත.
මේ අතර ඊයේ (24) දිනය තුළ මොනරාගල නගරය හා ඒ අවටින් ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
- මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති