කොවැක්සීන් එන්නත ඉන්දියාවේ හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
එන්නත නිපදවන භාරත් බයෝටෙක් සමාගම සඳහන් කළේ කොවැක්සීන් එන්නත සියයට 78 ක කාර්යක්ෂමතාවක් පෙන්වන බවයි.
කෙසේ වෙතත් එම එන්නත සායනික අත්හදා බැලීම්වල තුන්වන අදියරේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ එම එන්නතේ අවදානම් තත්ත්වය අල්ප බවයි.
එන්නත ”සියයට 200 ආරක්ෂිත” බවට භාරත් බයෝටෙක් සමාගම දක්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්