ගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (09) තහවුරු කළ මරණ කොවිඩ් මරණ අතර එම බිළිදා ද අයත් වේ.
පසුගිය මැයි 25 වන දින උපත ලබා ඇති බිළිඳා මැයි 27 වන දින රෝහලෙන් පිටව ගොස් ඇත.
නිවසට ගිය පසු ඇති වු වමනය හා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බිළිඳාව නැවත රෝහල් ගත කර තිබේ.
ඉන් අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී බිළිඳා ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.
වෛද්‍යවරුන් සැකපළ කරන්නේ එම දරුවාගේ දෙමාපියන්ගෙන් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටයි.
කෙසේ වෙතත් එම දෙමාපියන් මෙතෙක් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර නොමැත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති